සියල්ලක්ම ඇති දුරකථනයක්: Xiaomi Mi4

Xiaomi Mobile යනු සුවිශිෂ්ට විශේෂාංගයන්ගෙන් හා තරගකාරී විලාසයන්ගෙන්යුත් දුරකථන නිපදවන චීන සම්භවයක් ඇති ඉලෙක්ට්රොනික නිශ්පාදන දැවැන්තයෙක්. ගතවූ අවුරුදු කිහිපය තුළ එයට බොහෝ රසිකයින් ඇද බැඳුණු අතර අතර ශ්රී ලාංකිකයන් නැතැයි කියන්නට කොහෙත්ම බැහැ. මෑතකදී, Xiaomi Mi4 හඳුන්වාදුන් අතර එහි ඇති විශේෂාංග හා නිමැවුම හැමදෙනාගේම සිත්ගත්තා. ඉල්ලුම කොතෙක්ද කියනවානම්, වෙළඳ නියෝජිතයන් මහා පරිමාණයෙන් තොග මිළදීගෙන තිබෙනවා. මාර්ගගත වෙළඳසල් වන Amazon, EBay, Kaymu හා Dialcom සතුවXiaomi දුරකථනය තිබෙනවා.
ඔබට සම්පූර්ණ Xiaomi Mi4 විචාරයක් cnet.com හරහා කියවන්නට පුළුවන්, අනතුරුව ඔබට අවශ් සියළු අනිකුත් දේ මෙහිදී දැනගත හැකියි. මෙය ඊට පෙර නිකුත්වූ Xiaomi Mi3 සමඟ සැසඳීමේදී, දුරකථනය පූර්ණ වශයෙන්ම වෙනස්කොට ඇති බව පෙනෙනවා. පෙනුම Apple හා Samsung විසින් හඳුන්වාදුන් විලාසය අනුව නිමවා තිබෙනවා. ඉහළ, ආයතනයේ ලෝගෝව හා සංවේදක සමග ඉදිරිපස කැමරාවෙන් යුතු අතර පාලක බොත්තම් සතුව back lighting තිබෙනවා. දෙපස පැතිවල ලෝහමය නිමැවුමක් ඇති අතර එය හොඳ නිමාවක් ලබාදී තිබෙනවා. පසුපස කවරය ඉවත්කළ නොහැකියි. පැති දාරයේ මතකපත ඇතුළු කිරීමට කවුළුක් සහිතයි. තිරය අඟල් 5 Full HD (පික්සල 1920x1080) තිර විභේදනයකින් යුතුයි








විශේෂාංගයන් සැලකීමේදී Xiaomi Mi4 සතුව, Qualcomm Snapdragon 801 2.5GHz ප්රොසෙසරයක්, 3GB RAM ධාරිතාවක් තිබෙනවා. Infrared, WIFI හා Bluetooth අඩංගු අතර4G සමගද ක්රියා කරනවා. පසුපස කැමරාව මෙගාපික්සල 13ක් ඉදිරිපස මෙගාපික්සල 8ක් නිසා ඡායරූපවල ගුණාත්මක භාවය ඉතා ඉහළ වෙනවා. Android 4.4.2 (Kit Kat) මෙහි මෙහෙයුම් පද්ධතිය වෙනවා.




ඔබට මේ විශේෂාංගයන්ගේත් උපරිම ප්රයෝජනය ගන්නට අවශ් ? මෙයයි කළ යුත්තේ. අගුළු තිරයේ දෙවරක් ටැප් කිරීමෙන් අගුළු හැරීමෙන් තොරව ඔබට සංගීත ධාවකය විවෘත කරගෙන ගීත රසවිඳිය හැකියි. එසේම pocket dial නම්වූ විශේෂාංගය නිසා සාක්කුවේ තිබියදී වැරදීමෙන් ඇමතුම් සිදුවීම වළක්වාගත හැකියි. විදුල් පන්දම හෙවත් ෆ්ලෑෂරය පමණක් දල්වා ගැනීමේ පහසුකම මේ සතුයි.
Xiaomi Mi4 නිකුත් කිරීමේ දිනය 2014 අගෝස්තු මාසයේ වන අතර Xiaomi Mi4 මිළ රුපියල් 34,900 පමණ වෙනවා. නවීනතම විශේෂාංගයන්ගෙන් යුත් පහසු මිළකට ඇති දුරකථනයක් නම් ඔබ සොයන්නෙ, මේ තමයි ඔබට ලද හැකි හොඳම විසඳුම.

Author :Thambaru Wijesekara:

 Complete his studies from Rahula College, Matara. He has a passion for blogging and Web Development. For him blogging is like sharing his ideas and perceptions with the World and get a chance to engage with other people’s opinion. 

0 comments:

Post a Comment

 
Top