Xiaomi කියන නාමය මේ බ්ලොග් අඩවියට එන ඔබට අලුත් දෙයක් නෙවෙයි, අද මේ කියන්න යන්නේ Xiaomi වෙතින් 2015 වසරේ ඉදිරිපත් කරපු Xiaomi Redmi Note 2 දුරකථනය ගැන.


2015 වසරේ අගෝස්තු මාසයේ තමයි Xiaomi ආයතනයෙන් මෙම දුරකථනය එලි දැක්වීමට කටයුතු සිදු කෙරුනේ. 2015 වසරේ Xiaomi රසිකයින්ට වැදගත් වෙන තවත් විශේෂ දෙයක් මේ එළිදැක්වීමේ අවස්ථාවේදී සිදු කෙරුණා. ඒ තමයි , MIUI 7 ROM එක එලි දැක්වීම. Redmi note 2 දුරකථනයත් , MIUI 7 ROM එකත් එළිදක්වල පැය කිහිපයක් ඇතුලට ඇති විශාල ඉල්ලුමක් ඒවාට ඇති වුනා කියල Xiaomi ආයතනය සඳහන් කරනවා. ඒ වගේම Xiaomi ආයතනය විසින් Redmi note 2 Prime වශයෙන් ද තවත් දුරකතනයක් නිකුත් කරනු ලැබුවා.


Redmi note 2 දුරකථනය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. Android Lollipop මෙහෙයුම් පද්දතියත් සමඟ එන මෙම දුරකථනයට MIUI 7 ROM එක ඇතුලත් කිරීම මගින් පරිශීලනයට වඩාත් පහසු සහ නැවුම් අත්දැකීමක් ලබා දෙන ලෙස පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර තිබෙනව. අඟල් 5.5 ක FULL HD තිරයකින් සමන්විත redmi note 2 දුරකථනයේ පිටත පෙනුමද බොහොම සරල ලෙසින් ඉදිරිපත් කිරීමට Xiaomi සමත් වී තිබෙනවා. ප්‍රබල Mediatek MT6795 Helio x10 ප්‍රොසෙසරයක් ඇති මෙම දුරකථනය Octa core 2.0 Ghz වේගයකින් සමන්විතයි. එසේම redmi note 2 prime සංස්කරණයේ මෙය Octa core 2.2Ghz ලෙසිනුයි අප අතට පත්වන්නේ.



2 GB RAM ධාරිතාවයෙන් සහ 32 GB දක්වා වැඩි කරගත හැකි පරිදි Memory Card slot එකක් ද ඇතුලත් කර තිබෙනවා. එසේම ROM ධාරිතාවය 16GB සහ 32GB යන දෙකෙන්ම ඉදිරිපත්වනවා.

විශේෂ අංග ගණනාවකින් සමන්විත පසුපස කැමරාව මෙගාපික්සල 13ක් වන අතර ඉදිරි පස කැමරාව මෙගා පික්සල 5ක් ද වන අතර ගුණාත්මක භාවයෙන් ඉහල ඡායාරුප ලබාගැනීමේ හැකියාව මේ සතුයි. එසේම 3060mAh ක විශාල ධාරිතාවයකින් යුතු බැටරිය සහ IR blaster පහසුකම මෙම දුරකතනයට විශේෂ වටිනාකමක් එක්කොට තිබෙනවා. 


2015 වසරේ තරුණ තරුණියන්ගේ වඩාත් ආකර්ෂණයට ලක්වුණු දුරකතනයක් ලෙස මෙම Redmi note 2 දුරකථනය නම් කරාට වරදක් නැහැ. ඒ මෙම පහසුකම් සියල්ලම අඩංගු Redmi note 2 දුරකථනය ඉතාම අඩු මුදලකට වෙළඳ පොලට නිකුත් කර තිබීම නිසායි.




POST FROM :www.elakiri.com/forum/member.php?u=462030

0 comments:

Post a Comment

 
Top